ලන්සා, අනුර යාපාගෙන් බැසිල්ට විරෝධයක්

ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් කමිටුවට බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ නියෝජිතයින් කැඳවීම සම්බන්ධයෙන්
එම දේශපාලන කමිටුවේ ප්‍රබලයන් කිහිපදෙනෙකුම විරෝධය පළ කර තිබෙනවා.

පසුගිය සඳුදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මැතිවරණ කමිටු රැස්වීමට පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂට ආරාධනා කර තිබීමට විරෝධය පළකරමිනුයි නිමල් ලන්සා සහ අනුර යාපා එම රැස්වීම වර්ජනය කර තිබෙන්නේ.

මෙම කමිටු රැස්වීමෙන් පසු පැවති රාත්‍රී භෝජන සංග්‍රහයට ද ඔවුන් සහභාගි නැහැ.

මින් ඉදිරියට බැසිල් රාජපක්ෂ සහභාගී වන රැස්වීම්වලට සහභාගී නොවීමට අනුරයාපා – ලන්සා නව සන්ධානයේ මන්ත්‍රීවරුන් මෙන්ම ශ්‍රීලනිප සිරිපාල පාර්ශවයේ ප්‍රධානියකු වන මන්ත්‍රී දුමින්ද දිසානායකද තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ සහය ලබාගත්ත ද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ වේදිකාවට රාජපක්ෂවරු වැද්ද නොගතයුතු බවයි ඔවුන්ගේ අදහස වී තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles