මළ මිනියෙනුත් ගසා කාලා – නගර සභාවේ නිලධාරිනියක් සැකපිට ඇතුළට

මාතලේ මහ නගර සභාවේ සරෆ්වරිය ලෙස සේවය කළ නිළධාරිනිය ලබන (30) දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතලේ දිසා මහේස්ත්‍රාත් අර්. පී. කේ. එන්. රන්කොත්ගේ නියෝග කර තිබෙනවා. ඒ අදාල නිළධාරිනිය මාතලේ මහනගර සභාවට අයත් මෘතදේහ ආදාහනය සඳහා නිකුත් කරන බිල්පත්වලින් මුදල් වංචා කළ බවට සැකපිට සිදුකරන ලද පොලිස් විමර්ශන අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුවයි.

මෘත දේහයක් ආදාහනය කිරීම සඳහා මහා නගර සභා සීමාව තුළ පදිංචිකරුවකුගෙන් නම් රුපියල් 20000ක් අය කිරීමට හා මහ නගර සභා සීමාවෙන් පිටත මෘත දේහයක් සඳහා රුපියල් 25000ක මුදලක් අය කරන අතර, මේ සැකකාරිය විසින් එක් සිරුරකින් රුපියල් 5000 වැඩි පුර මුදලක් සටහන් කර රුපියල් 5,50,000 මුදලක් වංචා කළ බවයි විමර්ශන අනුව සඳහන් වන්නේ.

ලැබුණු පැමිණිල්ලකට අනුව 1982/අංක 12 පොදු දේපළ පනත යටතේ අදාළ කාන්තාව සැකපිට අත්අඩංගුවටගෙන අධිරකරණයට ඉදිරිපත් කළ බවයි වාර්තාවන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles