එජාපයෙන් සජබ පිරිසකට විවෘත ආරාධනාවක්

ගොඩනගන රට තවත් ශක්තිමත් කිරීම පිණිස ජනපති සමඟ එක්වන්නැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාල, පා.ම. කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න යන අයට ආරාධනා කරන බව එජාප මහලේකම් පාලිත රංගේබණ්ඩාර පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සජබයේ නැතැයි කී රංගේබණ්ඩාර කියා සිටියේ, සජබ දැන් බදු ගෙන සිටින ගොඩහේවාලාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවාද එජාප ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවාද යන්න ඔවුන් තීරණය කළ යුතු බවයි.

නම් නොකී සැමටත් ඔහු එජාපය සමග එක්වන්නැයි විවෘත ආරාධනාවක් සිදු කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles