වාහනවල අලවපු අපේක්ෂකයින්ගේ ස්ටිකර් ගලවන්න කොමිසමෙන් නියෝගයක්

ජනාධිපති අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයෙන් වාහනවල අලවා ඇති සියලු ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 74 වන වගන්තිය යටතේ එය වරදක් වන බවයි.

ඒ අනුව පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල ජනාධිපති අපේක්ෂකයින් සහ පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ සලකුණු, ඡායාරූප ඇතුළත් ස්ටිකර්, කොඩි යනාදිය ප්‍රදර්ශනය කිරීම පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

අදාළ ස්ටිකර් ගලවා ඉවත් කිරීමට සෑම පොලිස් බලප්‍රදේශයක්ම ආවරණය වන පරිදි හදිසි පරීක්ෂා කිරීම් සිදුකරන ලෙසද මැතිවරණ කොමිෂන් සභාව පොලීසිය වෙත උපදෙස් ලබාදී තිබෙන බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles