දූරියන් රකින්න විදුලිය දාලා: තරුණ දිවියකට අවාසනාවන්ත ඉරණමක්

දූරියන් ගසක් ආසන්නයේ ඇද තිබූ විදුලි රැහැනක පැටලී වයස අවුරුදු 27ක තරුණයෙක් මිය ගිය පුවතක් රත්නපුර-පරකඩුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මේ දූරියන් පල දරණ කාලය වන අතර පෙරට වඩා වැඩි මිලකට දූරියන් අලෙවි වෙනවා. දූරියන් සොරුන්ගෙන් රැක ගැනීමට මෙලෙස ගස වටා අනීතික ලෙස විදුලි රැහැන් ඇද තිබෙන බවයි පැවසෙන්නේ.

මිය ගිය තරුණයා දූරියන් ගස ආසන්නයේ පාදයක පිළිස්සුම් තුවාළ සහිතව වැටී සිට තිබෙන අතර පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මේ මරණය සම්බන්ධයෙන් සැකපිට 51 හැවිරිදි ඉඩමේ හිමිකරු ඇහැලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles