මහ ලේකම් තනතුර නොමැතිව වෙනත් ඕනෑම තනතුරක් වෙනුවෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පක්ෂයට භාරගැනීමට සුදානම් බවට ශ්‍රිලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන සඳහන් කරනවා.
එසේ පැවසුවේ ඔහු අද(06) දහවල් පක්ෂ මුලස්ථානයට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.ඔහු එම අවස්ථාවේ මෙසේ ද පැවසුවා.
“අයින් කරලා නෑ… තාවකාලිකව පොඩ්ඩක් එයාගේ වැඩකටයුතු නැවැත්තුවා. අද අධිකරණයේ නඩුවක් තියෙනවා මාව නායකත්වයෙන් අයින් කිරීම පිළිබඳව. තව කරුණු ගණනාවක් තියෙනවා. ඒවාගේ විස්තර කියන්න මම එච්චර කැමති නෑ. එයාට කිසිම ප්‍රශ්නයක් නැතුව පක්ෂයට එන්න පුළුවන් අපි භාරගන්නවා. ලේකම් තනතුර හැර වෙන ඕනෑම තනතුරකට එයාව භාරගන්නවා. සාමාජිකත්වය අත්හිටුවලා තියෙනවා. ඒක ඕනෑම වෙලාවක අයින් කරගන්න පුළුවන් අපිත් එක්ක එකඟත්වකට ඇවිත්, එයා කරන අනං මනං වැඩ නවත්තලා ආවොත්. “
කෙසේ වූව ද පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් සහ එහි මහලේකම් ධුරයෙන් ඉවත් එරෙහිව දයාසිරි ජයසේකර නීතීඥවරයෙකු මාර්ගයෙන් අද (06)පස්වරුවේ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට නියමිතයි.