තවත් බසයක් ප්‍රපාතයකට පෙරළෙයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල ප්‍රදේශයේදී අද උදෑසන බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.

බස්රථයේ ගමන් කරමින් සිට ති‍බෙන්නේ ප්‍රදේශයේ උමාඔය සංවර්ධන ව්‍යාපෘති කාර්යාලයේ සේවක සේවිකාවන් පිරිසක්.

අනතුරින් මියගොස් ඇත්තේ බස්රථයේ රියදුරු බවයි වාර්තා වූයේ.

හදිසියේ තිරිංගවල ඇති වූ ප්‍රශ්නයක් නිසා මෙම අනතුර සිදුව ඇති බවට සැක කෙරෙන අතර අනතුර සිදුවන අවස්ථාවේ එහි සිට ඇත්තේ 10 දෙනෙක් පමණ පිරිසක් නිසා හානි අවම වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles