තවත් සාමනේර අපයෝජනයක් : චූදිත හිමි නිදහස් කිරීම අධිකරණයෙන් තරයේ ප්‍රතික්ෂේපයි

අනුරාධපුර භාවනා මධ්‍යස්ථානයක විහාරාධිපති හිමියන් විසින් වයස 11ක පමණ සාමනේර හිමිනමකට අතවර කිරීමේ සිද්ධියකට අදාළව නඩුව ඊයේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවුණා.

එහිදී විත්තිකාර හිමි නම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලීන් දිසානායක අධිකරණයෙන් ඉල්ලා සිටියේ පැමිණිලි පාර්ශ්වය ( අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය) නඩුව ඉදිරියට ගෙනයෑමට උනන්දුවක් නොදක්වන බැවින් සිය සේවාදායකයා වන චූදිත හිමි නම නිදහස් කර හරින ලෙසයි.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කරුණු දක්වමින් නඩුවට අදාළ නීතිපති උපදෙස් ලැබෙන තුරු නඩුව කලතබන ලෙස ඉල්ලා සිටියා.

අගෝස්තු 28 වැනි දින දක්වා උක්ත නඩුව කල් තැබීමට අධිකරණය තීන්දු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles