එන්නතක් නිසා තවත් මරණයක්

නුවන් හෙට්ටිආරච්චි

පානදුර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනුයුක්තව සේවය කළ තිස් තුන් වියැති පුද්ගලයෙක්.

කැනියුලාවක් ඔස්සේ ඖෂධයක් ලබා දීමෙන් ඇති වු විෂබීජ ආසාදනයක් හේතුවෙනුුුයි ඔහු මියගොස් තිබෙන්නේ.

ඒ් උණ රෝගය සඳහා වැඩි දුර ප්‍රතිකාර ලබා ගැනීමට ගාල්ල ප්‍රදේශයේ රජයේ රෝහලක සිට පානදුර මහරෝහලට ඇතුළත් කර තිබීීීීයදී.

මරණයට හේතුව මේ දක්වා අනාවරණය වී නොමැති අතර ඊට සෞඛ්‍ය අමාත්‍යංශය මේ වන තෙක් කිසිදු පියවරක් ගෙන ඇති බවක් වාර්තා වන්නේ නැහැ.

ඒ කේසේ වුවද පසුගිය දිනක පේරාදෙණිය රෝහලේ උදරාබාධයකට ප්‍රතිකාර ගැනීමට පැමිණි පැමිණි 21 හැවිරිදි තරුණියක් හදිසියේ මිය ගියා. එන්නතක් විෂ වීම නිසා බවයි පැවසුණේ.

ඒසේම 2026 වන තෙක් NMRA අනුමත බෙහෙතක් වන peritoneal ඩයලිසිස් ද්‍රාවණයෙන් ප්‍රතිකාර කර ඇති වකුගඩු රෝගීන් 07 දෙනෙකු මහනුවර රෝහලේ මේ මස ඇතුළත මිය ගොස් තිබෙනවා.

ඒ සම්බන්ධව පරික්ෂණ සිදු කරන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ එවැනිම ගැටලු රැසක් ඇති වූ නිර්වින්දන ඖෂධ දෙකක් භාවිතයෙන් තහනම් කළ බවට සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles