කළුතර බන්ධනාගාරයේ තෙවන මරණය අද (28) සවස වාර්තා වී ඇති බව පොලිස් ආරංචිමාර්ග තහවුරු කරනවා. සතියක් ඇතුළත කළුතර බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනෙක් මිය ගිය බවයි පැවසෙන්නේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ පානදුර පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙක් බව බන්ධානාගාර ආරංචිමාර්ග පවසනවා. ඔහු හෙරොයින් සම්බන්ධව බන්ධනාගාරගත කර ඇති අතර මෙම සැකකරුවා හදිසියේ අසනීපව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරන්නේ.
කළුතර බන්ධනාගාරය විසින් කළ පැමිණිල්ලක් මත කළුතර උතුර පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා.