2024 ජනාධිපතිවරණයට පෙර තවත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු අඟවමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා පවසන්නේ 2019 වසරේ එම ප්‍රහාරය සැලසුම් කළ අය අත්අඩංගුවට ගත යුතු බවයි.
“2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිටුපස සිටි සියලු දෙනා නිදැල්ලේ සිටිනවා නම් හැකි ඉක්මනින් අත්අඩංගුවට ගත යුතුයි. ඔවුන්ට නිදහසේ සැරිසැරීමට ඉඩ දුනහොත් 2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් තවත් මහා විනාශයක් නිර්මාණය කළ හැකියි.
“2019 මරාගෙන මැරෙන ප්‍රහාරවලට නායකත්වය දුන් සහරාන් අන්තවාදියෙක් බව ඇත්ත. ප්රශ්නය වුණේ ජනාධිපතිවරණයට පෙර යම් පිරිසක් ඔහු ඇතුළු කණ්ඩායම ලවා ප්‍රහාර කඩිනම් කිරීම”
ඊයේ සමගි ජනබලවේගය විසින් පැවත්වූ මාධ්‍ය සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා ඉහත අදහස් පළකරනු ලැබුවා.