පසුගිය දිනවල චීනයේ බීජිං ඇතුළු නගර රැසක හඳුනානොගත් නව නිව්මෝනියා රෝගී තත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වෙනවා.
ළමුන් අතර බහුලව පැතිර යමින් තිබෙන මෙම රෝගය නිසා රෝහල් ළමුන්ගෙන් පිරී ගොස් තිබෙන බව වාර්තා වෙන අතර මේ රෝගය සම්බන්ධයෙන් සියලු තොරතුරු තමන්ට ලබා දෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට දැනුම් දී තිබෙනවා.
චීන බලධාරීන් මෙම තත්වය වසන් කරමින් සිටින බව තායිවානය වාර්තා කර තිබුණා.
කොවිඩ් රෝගයද වාර්තා වූයේ චීනයෙන් වන අතර ලොව පුරා ජීවිත ලක්ෂ 70ක් පමණ එම රෝග වසංගතය විසින් බිලිගනු ලැබුවා.