නැවත තෙල් පෝලිම් යුගයක්? රටේ තෙල් සංචිත ගැන අලුත්ම අනාවරණය

රටේ ප්‍රමාණවත් තරම් ආරක්ෂිත තෙල් තොගයක් නැතැයි කෝප් කමිටුව හමුවේ අනාවරණය වී තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය වුණා.

මෙහිදී 2020 සහ 2021 වර්ෂය සඳහා විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සිදුවූ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ, ලංකා ඛතිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සාලිය වික්‍රමසූරිය ඇතුළු තවත් නිලධාරීන් පිරිසක් කැඳවා තිබුණා.

රටේ ඉල්ලුමට සරිලන ආරක්ෂක ඉන්ධන තොග පවත්වා ගෙන යාම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.

රටේ හදිසි අවස්ථාවකදී උපයෝජනය කිරීමට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය පවත්වාගෙන යාම පිළිබඳ ඇති හැකියාව කමිටුව විසින් පිරික්සන ලද අතර ඩීසල් මෙට්‍රික් ටොන් 60,000 ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 45,000ක් පවත්වා ගෙන යන බව නිලධාරීහු පෙන්වා දුන්නා.

එහිදී කෝප් කමිටුවේ නිගමනය වූයේ එය ප්‍රමාණවත් නැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles