ඔන්ලයින් වංචා සිදුකරමින් සිටි ඉන්දීය ජාතිකයින් 137 දෙනෙක් ඊයේ (27) දිනය තුළදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසනවා.
මීට පෙර මෙවැනි වංචා සිදු කළ ඉන්දුනිසියානු, බංග්ලාදේශ, පාකිස්තාන සහ විවිධ රටවල පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.
මෙරට තුළ නීතිවිරෝධීව රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා මූල්‍ය ජාවාරමක් සිදු කළැයි කියන ඉන්දියන් ජාතිකයෝ හැට දෙනෙක් තලංගම , කෝට්ටේ මාදිවෙල සහ කොච්චිකඩ යන ප්‍රදේශවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් 26 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඉන්දියාවේ තහනම් කරන ලද සූදු අන්තර්ජාල පිටුවක් මෙරට රැඳී සිට ක්‍රියාත්මක කළ බවයි.