අතුරුගිරිය වෙඩිතැබීමෙන් තවත් අයෙක් මරුට

අතුරුගිරිය නගරයේ සිදුවූ වෙඩි තැබීමෙන් තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (08) පෙරවරු දහයට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබූ අතර එහිදී ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මිය ගියා.

එම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ සූජීවා සහ ක්ලබ් වසන්තගේ බිරිය ඒ අතර වෙනවා.

අතුරුගිරිය නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ කේ.සුජීවාගේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර දී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු වහාම හෝමාගම රෝහලට සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණු අතර තුවාල ලැබූ තවත් අයෙක් මේ වනවිට මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

වෙඩිතැබීම සිදුකළ සැකකරුවන් පැමිණි වාහනය බව පැවසෙන වාහනය අසල CCTV කැමරාවක සටහන්ව තිබෙන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මක කර ඇතැයි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles