තවත් බරපතල සාමණේර අපයෝජනයක් : දෙනමක් රෝහලේ

විහාරාධිපති හිමි විසින් බරපතල ලෙස ලිංගිකව අපරහණය කර සිවුරු ගලවා දමා එළවූ කුඩා සාමණේර හිමිවරු දෙනමක් කෑගල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව කෑගල්ල පොලිසිය පවසනවා.

කුලියාපිටිය විහාරස්ථානයක අධිපති හිමි විසින් මෙම අපරාධය සිදු කර ඇති බව සඳහන් වන්නේ වයස අවුරුදු 11ක දරුවන් දෙදෙනෙකුටයි.

මේ දෙදෙනාගෙන් එක් අයෙකුගේ මව්පියන් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන අතර මව කාලයක සිට අසනීපව සිටින බවයි වාර්තා වන්නේ.

විහාරාධිපති විසින් කරන ලද බරපතල ලිංගික අඩන්තේට්ටම් ඉවසාගත නුහුණු දෙදෙනා අසල නිවසකට ගොස් දුරකතනයෙන් මව්පියන්ට සිද්ධිය දන්වා තිබෙනවා.

මේ දක්වා එකී විහාරාධිපති හිමි අත්අඩංගුවට ගෙන ඇති බවක් සඳහන් වන්නේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles