අනතුරු ඇඟවීමකින් තොරව පලස්තීන සිවිල් ජනතාව සිටින ප්‍රදේශවලට ඊශ්‍රායලය බෝම්බ හෙලන සෑම අවස්ථාවකදීම, ඊශ්‍රායලයේ ප්‍රාණ ඇපකරුවෙකු ඝාතනය කරන බව හමාස් සංවිධානය සඳහන් කර තිබෙනවා.
පසුගිය දා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු හමාස් සාමාජිකයින් පළා යාමේදී, ඊශ්‍රායල වැසියන් පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස යළි ගසා තීරයට රැගෙන ගියා.
එම පුද්ගලයින් ඝාතනය කරන බවට හමාස් සංවිධානය අනතුරු අඟවා ඇති බවයි විදෙස් පුවත් වාර්තා කරන්නේ.
ඔක්තෝබර් 7 වැනි දා, හමාස් සංවිධානය සුක්ෂම මෙහෙයුමක් දියත් කරමින් ඊශ්‍රායලට කඩා වැදුණ අතර ඒ සමගින් උත්සන්න වුණු ඊශ්‍රායල – හමාස් ගැටුම හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1500 කට ආසන්නයි.
ප්‍රහාර හමුවේ තවත් පුද්ගලයින් 3000ක් පමණ තුවාල ලබා තිබෙන අතර හමාස් සංවිධානයට එරෙහිව යුධ වැදීම සඳහා ඊශ්‍රයල හමුදාව හැර ගිය පුද්ගලයින් ලක්ෂ තුනක් පමණ, යළි කැඳවා තිබෙන බව ඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.