බෙහෙත් විෂ වී තවත් තරුණයෙක් මිය යයි

පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගත් තරුණයකු මියගිය ගොස් තිබෙනවා.

මෙම මියගිය තරුණයා කලල්පිටිය පාර, උකුවෙල පදිංචිව සිටි 28 හැවිරිදි තරුණයෙක් බවයි සඳහන් වෙන්නේ.

එම තරුණයා 19 වනදා සෙම රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට උකුවෙල පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් තිබෙනවා.

පසුව එහිදී ලබාගත් ඖෂධ පානය කිරීමෙන් අනතුරුව හුස්ම ගැනීමට අපහසු වීම ඇතුළු ශාරීරික අපහසුතා කිහිපයක් හටගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුව ඔහුව මාතලේ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී අසාධ්‍ය තත්ත්වයෙන් සිටි තරුණයා මියගොස් තිබෙනවා.

මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මාතලේ රෝහලේදී පැවැත්වා විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර මෘත දේහයේ කොටස් හා ඔහු විසින් භාවිත කරන ලද ඖෂධ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකොට වැඩිදුර වාර්තාවක් ලබාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles