ගම්මන්පිලගේ චෝදනාවට ලාල්කාන්තගෙන් පිළිතුරු

පාර්ලිමේන්තුව අත්පත්කර ගැනීමට සැලසුම් කළ බවට කේ.ඩී. ලාල්කාන්ත උත්සාහ ගත් බවත් අපරාධ නීතිය යටතේ ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත්, මන්ත්‍රි උදය ගම්මන්පිල ඉකුත් 07 වෙනිදා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්තගෙන් විමසූ විට ඔහු පවසා සිටියේ එදා ජනතාව මහපාරට බැස හිටපු ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස බල කළ අතර ඔහු ඒ අනුව ගෙදර ගිය බවත් ඉන් අනතුරුව පැවැරී තිබූ කාර්ය නම් පාර්ලිමේන්තුව විසුරුවීම වන අතර ඊට ජනතාවගේද ඉල්ලීමක් තිබූ බවත්ය.

විශේෂයෙන්ම අරගලයේ ඇතැම් නායකයන් පාර්ලිමේන්තුව වැටලීමට හෝ විසිරුවීමට අකැමැති වූ අතර ඒ හේතුවෙන් විධායකය ඉවත් කළත් ව්‍යවස්ථාදායකය ඉතිරි වූ බැවින් රනිල් වික්‍රමසිංහ ජනපති වී පරණ කුණු ගසන පාර්ලිමේන්තුවම නැවත පවත්වාගෙන යමින් රටත් ජනතාවත් අමාරුවේ දමා ඇති බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

“පාර්ලිමේන්තුව විසිරුවනු” යනුවෙන් උද්ඝෝෂණය කිරීම ජනතාවට ඇති අයිතියක් බවත් එම අයිතියට නායකත්වය දීමට එදා තමා කතා කළ අතර එය මහා අපරාධයක් සේ සලකා අද වන විට ප්‍රතිගාමී බලවේග විසින් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අභියෝග කිරීම විහිළු සහගත බවද ඔහු කියා සිටිනවා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles