ප්‍රතිදේහ එන්නත් වංචාව : වෛද්‍ය සැපයුම් ලොක්කාගේ ඇප ඉල්ලීම කල් යයි

ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායකගේ ඇප ඉල්ලීම ලබන 24 වෙනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද(10) නියෝග කළා.

අදාළ තීන්දුව අද දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණත් නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ අදාළ තීරණය 24 වෙනිදා ප්‍රකාශ කරන බවයි.

තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීතියට පටහැනි බැවින් එය බල රහිත කරන ලෙස ඉල්ලා වෙවද්‍ය කපිල වික්‍රමනායක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles