අනුර – ඉන්දීය ආරක්ෂක උපදේශක හමුවක්

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉන්දියාවේ නිල ආරාධනයකට අනුව කරන සංචාරය අතරතුර ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්ද හමුවී තිබෙනවා.

මේ හමුවේදී ඔවුන් කලාපීය ආරක්ෂාව සහ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි ජාජබ නායකයා එක්ස් සටහනක් තබමින් පවසා ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද මේ සඳහා සම්බන්ධ වූ බව එහි වැඩිදුරටත් සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles