කැනඩා මහකොමසාරිස් සහ ජාතික ජන බලවේගයේ නායකයා හමුවී තිබෙනවා.
අද (13) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් සිදු වු බවයි සඳහන් වන්නේ.
මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් (දේශපාලන) පැට්‍රික් පිකරින් (Patrick Pickering) ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික විජිත හේරත්ද එක්ව තිබෙනවා.
මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින සමාජ ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා නර ඇති බවත් ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ සැලසුම් පිළිබඳවද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරුවක් ද සිදු වී ඇති බව සඳහන් වෙනවා.