ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙකි හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (19) පෙරවරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී සිදුව තිබෙනවා.
මෙම හමුව සඳහා ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි Katsuki Kotaro සහ දෙවැනි ලේකම් Imai Kaori ද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්ත්වය දීර්ඝ ලෙස දෙපාර්ශ්වයේ සාකච්ඡාවට ලක් වූ බවත් එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳවද අවධානය යොමු වූ බවත් ජාතික ජනබලවේග ආරංචිමාර්ග වාර්තා කරනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම් පිළිබඳව ජාතික ජන බලවේගයේ ස්ථාවරය ජපාන රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්ට මෙහි දී පැහැදිලි කර දී ඇති අතර, ඉදිරියටද ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකිරීමට ජපානයේ ඇති සූදානම ජපාන නියෝජිත පිරිස විසින් අවධාරණය කර ඇති බවයි කියැවෙන්නේ.