අනුරලාට උද්ඝෝෂණ තහනම්!

කොළඹ ප්‍රධාන ස්ථාන කිහිපයක උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකට සහ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු එම පක්ෂයේ පිරිසකට එරෙහිව අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොටුව පොලීසිය විසින් සිදුකළ කරුණු දැක්වීමකට අනුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ අද දහවල් 12.00 සිට පස්වරු 06.00දක්වා කාලය සඳහා ස්ථාන කිහිපයකට ඇතුළුවී උද්ඝෝෂණ කිරීම වළක්වමිනුයි.

ඒ් අනුව එම කාලය තුළ තහනම් කර ඇත්තේ,

ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, පොලිස් මූලස්ථානය,කොටුව දුම්රිය ස්ථානයේ සිට CTO මංසන්ධිය දක්වා වන ඕල්කට් මාවත, CTO මංසන්ධියේ සිට සෙරමික් මංසන්ධිය NSA වටරවුම දක්වා ඇති ලෝටස් මාර්ගය, යෝර්ක් වීදිය,බැංකු මාවත,චැතැම් මාවත,මුදලිගේ මාවත, බාරොන් ජයතිලක මාවත, පොලිස් මූලස්ථානය ඉදිරිපිට, බාලදක්ෂ මාවත චෛත්‍ය පාර,ජනාධිපති මාවත, ගාලුමුවදොර වටරවුමේ සිට NSA වටරවුම දක්වා ගාලු පාර ද ජනාධිපති ලේකම් කාර්යාලය වෙතද ගාලු මුවදොර පිටිය පරිශ්‍රයන්

යන ස්ථානවලට ඇතුළුවීම යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles