මාධ්‍යවේදීන් වෙනුවෙන් අනුර පෙරට එයි

පසුගිය 8-9 දා පාර්ලිමේන්තුවේ විසර්ජන පණත් කෙටුම්පත් කාරක සභා අවස්ථා විවාදයේදී පක්ෂ-විපක්ෂ නියෝජිතයන් බොහෝ දෙනෙක් විවිධ අදහස් දක්වනු ලැබුවා.

ඒ අතර ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මෙරට මාධ්‍යවේදීන් වෙනුවෙන් අදහස් පළ කළා.

ඔහු එහිදී පවසා සිටියේ මාධ්‍යවේදීන්ගේ මූලික අවශ්‍යතාවත් සැපිරීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇති බවයි. මාධ්‍යවේදීන් මහා මන්දිර, ධන සම්භාර උපයන්න බලාපොරොත්තු නොවන බවත් ජීවිතයේ මුහුණ දෙන ගැටලු ටික සපුරා ගැනීම ඔවුන්ගේ ප්‍රශ්නය බවත් එහිදී මන්ත්‍රීවරයා පැවසුවා.

මාධ්‍යවේදීන් වෙනුවෙන් මින් පෙර ආරම්භ කර තිබූ මාධ්‍ය උපකරණ සඳහා ලක්ෂ තුනක් ලබා දීමේ වැඩපිළිවෙලද නවතා දමා තිබෙන බව ඔහු සිහිපත් කළා. මෝටර් රථ සඳහා ලබා දුන් සහන ණය ද නැති කර ඇති බව පැවසූ මන්ත්‍රීවරයා නිවාස යෝජනා, විශ්‍රාම වැටුප්, නව රක්ෂණ ක්‍රම ආදී විවිධ දේවල් යෝජනා වී තිබුණත් ඒ කිසිවක් ම මේ වෙද්දී නොමැති බව පෙන්වා දුන්නා. මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් මෙයට වඩා සලකා බලන ලෙස එහිදී ඔහු ආණ්ඩුවට අවධාරණය කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles