ජොන්ස්ටන්ගෙන් වන්දි ඉල්ලා අනුර උසාවි යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු විසින් සිදුකළ දේවේශ සහගත ප්‍රකාශයකින් තමන්ට සිදුවූ අපහාසයට රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන්නැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කොළඹ දිසා අධිකරණ හමුවේ සාක්ෂි දෙමින් අද(29) ඉල්ලා සිටියා.

ඒකාබද්ධ විපක්ෂය තංගල්ල නගර ශාලාවේ 2017 වසරේදී සංවිධානය කළේ යැයි කියන රැස්වීමකදී ජෝන්ස්ටන් ප්‍රනාන්දු කළ ප්‍රකාශයකින් මෙම අපහාසය සිදුවී ඇති බව පැවසූ ඔහු කැලණිය විශ්ව විද්‍යාලීයේ විද්‍යාවේදී උපාධි සහතිකය ඇතුළු ලේඛන දහයක් අධිකරණයට ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේ සහ සමාජයේ කීර්තියක් උසුලන තමන්ට සිදුකළ අපහාසයට වන්දි අය කර දෙන ලෙසට එහිදී ඉල්ලා සිටියා.

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන ඉදිරියේ මෙම සාක්ෂි කැඳවීම සිදුකෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles