අනුරට 50% දැනටමත් ලැබිලා

ජාතික ජනබලවේගය ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බවට සමීක්ෂණ වාර්තාවක් තහවුරු කර ඇති බව එම පක්ෂයේ විධායක සභික බිමල් රත්නායක සඳහන් කර තිබෙනවා.

පසුගිය නොවැම්බර් මාසය වන විට අනුර දිසානායක කෙරෙහි 50% මහජන කැමැත්තක් තිබුණු බවයි ඔහු පවසන්නේ.

බිමල් රත්නායක මේ බව කියා සිටියේ ෆින්ලන්තයේ පැවති ජාතික ජනබලවේගයේ ජනහමුවක් අමතමින්.

දේශපාලන නායකත්වය වෙනස් කිරීමෙන් තොරව ශ්‍රී ලංකාව වැටී ඇති තැනින් ගොඩ ගත නොහැකි බව පවසන බිමල් රටේ ජනතාව පමණක් නොව විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ගේද කැමැත්ත තමන් වෙත ලැබී තිබෙන බව සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles