ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පවසනවා.
ඔහු එරටහිදී පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයකට සහභාගි වීමට නියමිතයි.
සෙනසුරාදා (27) ස්වීඩනයේ නක්කා අවුලාහිදී එරට වේලාවෙන් පස්වරුවේ ජන හමුවකට සහභාගි වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව මෙම සංචාරය සංවිධානය කර තිබෙනවා.