ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායකගේ බ්‍රිතාන්‍ය සංචාරය වෙනුවෙන් ලන්ඩන් නගරයේ බස් රථයක් ඔහුගේ රුවින් සරසා ප්‍රදර්ශනය කෙරෙන බව වාර්තා වෙනවා.
ජුනි මාසයේ 15 වැනි දා ජාතික ජනබලවේගයේ නායකයා බ්‍රිතාන්‍ය සංචාරයේ නිරත වන බවත් එරට ශ්‍රී ලාංකිකයන් අමතන ජනහමු කිහිපයකට සහභාගි වන බවටත් සඳහන් වෙනවා.
එම පැමිණීම නිමිත්තෙන් රට සිටින ජාතික ජනබලවේග ක්‍රියාකාරිකයන් මෙම බස් රථය අනුරගේ රුවින් සරසා ඇති බවයි වාර්තා වන්නේ.