ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති වී ඇත්තේ ෆේස්බුක් එකෙන් පමණක් වන බවත් ග්‍රාමීය මට්ටමින් ශාඛා ව්‍යුහයක් හෝ සැලැස්මක් නොමැති බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී (19) දා පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් පසුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න හමුවේ ඔහු මේ අදහස් පළ කළා.
එහි දී මාධ්‍යවේදීන් විසින් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකාවක් තමන්ගේ ආණ්ඩුවක් යටතේ ගණිකා වෘත්තීය නීතිගත කරන්නේ යැයි කියූ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසුවා. ඒ සම්බන්ධයෙන් ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ විසින් අරගල සමයේ ගණිකාවන් සමඟ කටයුතු කළ නිසා එසේ පැවසීම නිවැරදි බවයි.
ජනතා විමුක්ති පෙරමුණ විසින් කළ ඒ ප්‍රකාශය ගණිකාවන්ටත් අපහාසයක් බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.
අනේ ගොං මීහරකා ඒ ගොනා අපි වික්කා දැන් උබලගේ හොරතක්කඩියො හිරේ දාන්න කාලෙ ඇවිත්