පාර්ලිමේන්තුවම නිහඬ කරමින් අනුර හොරු රැළකගේ නම් හෙළි කරයි

බදු පනත සමාන්තරව ගේනවා නම් ඊට එකඟ විමට තිබු බව ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ සේවක අර්ථසාධක අරමුදලට 30%ක බදු පැනවීම පිළිබඳව පාර්ලිමෙන්තුවේ කරුණු ඉදිරිපත් කරමින්.

ඔහු එහි දී වැඩිදුරටත් මේසේ සඳහන් කළා.

මංකොල්ලකාර, ත්‍රාඩ රැලක් රටේ ආර්ථිකය කඩා වට්ටලා වත්තේ අහිංසක මිනිහාට බදු ගහනවා ණය පියවා ගන්න. සමාන්තරව ගේනවා නම් අපි මෙයට එකඟයි.
බදු වංචා කරපු අයගෙන් එම බදු ලබාගැනීම සඳහා වැඩපිළිවෙළක්, මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් සොරකම් කරපු අයගෙන් ධනය පවරා ගැනීම සඳහා වැඩපිළිවෙළක් නැහැ. පනත් නොවෙයි, තිබෙන නීති ප්‍රමාණවත්.
කපිල චන්ද්‍රසේනගේ එකවුන්ට් එකේ, නිමල් පෙරේරාගේ එකවුන්ට් එකේ සල්ලි තිබෙනවා. නාමල්ගේ සල්ලි. එයා එෆ්.සී.අයි.ඩී. එකට කටඋත්තර දී තිබෙනවා.
බැසිල් රාජපක්ෂගේ මල්වානේ ගෙදර තිබෙන්නේ මහජනයාගේ ධනය. පුෂ්පා රාජපක්ෂගේ එකවුන්ට් එකේ චීන සමාගම් දීපු සල්ලි තිබෙනවා. මහින්ද රාජපක්ෂට චීන සමාගම් සල්ලි දී තිබෙනවා. ධනය තිබෙන්නේ මෙහෙමයි. ඒ ධනය ආරක්ෂා කර ගන්න ‘කිකිළියක් බිත්තර රකිනවා වගේ’ රැක ගන්න රනිල් වික්‍රමසිංහට ආණ්ඩුව දීලා තිබෙනවා.
රනිල් භාරගෙන ඒවා රකිනවා. වැඩකරන ජනතාව මත අතිශය භයානක නීතියක් සම්මත කරනවා. ස්ටිකර්වලින් සොරකම් කරන්නේ කවුද? ප්‍රධාන අරක්කු සමාගම් දෙකයි. එකක් ‘මෙන්ඩිස්’, අනෙක ‘වයඹ අරක්කු’. ඒ අය තමයි හොර ස්ටිකර් ගසන්නේ. බිලියන 60ක් භාණ්ඩාගාරයට ආවේ නැතිනම් ඒගොල්ලන් ළඟ ඒ ධනය තිබෙන්නේ.
‘මිග් ප්‍රහාරක යානා’වලට මිලියන 14ක් ගෙව්වා. ඇත්ත ගනුදෙනුව මිලියන 07යි. අනෙක් මිලියන 07 ගියේ කොහේද? ඒවා එකවුන්ට්වල තිබෙනවා. ඒවා ගන්න ඉස්සර වෙලා. බදු පැහැර හැරි අයගේ ලැයිස්තු, මහජන බැංකුවලට පොලු තියපු අයගේ ලැයිස්තු තිබෙනවා. ඒවා ගන්න. අඩුම තරමේ ඒවා ගැන හීන් කෙඳිරියක්වත් නැතිව, සේවක අර්ථසාධක අරමුදල මත මේ සමස්ත හෙණය පාත් කිරීම යුක්තිසහගත නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles