ආරම්භයේදිම සිදු කරන දේශපාලන වෙනසක් ගැන අනුර කියයි

තම පාලනයක් යටතේ ජාතිවාදයට, ආගම්වාදයට හා ගෝත්‍රවාදයට ඉඩක් නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක අවධාරණය කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අවසන් ජන රැලි මාලාවේ කළුතර පැවැති ජනරැලියකට අද (18) පස්වරුවේ එක්වෙමින්.

“ආරම්භයේදීම අපි වෙනස්කම් රැසක් පෙන්වන්න ඕනේ. නව දේශපාලනයක් ලංකාවේ නිර්මාණය කරනවා. රට තුළ ජාතිවාදයට… ආගම්වාදයට අපි කිසිම ඉඩක් දෙන්නේ නැහැ. ආගම්වාදී ගැටුම් මීට පස්සේ ලංකාවේ තියෙන්න බැහැ.” යැයි ඔහු වැඩිදුරටත් එහිදී කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles