ස්වාධීන රූපවාහිනියේ සභාපති සුදර්ශන ගුණවර්ධනට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් දැඩි චෝදනා එල්ල කර ඇති බව වාර්තා වෙනවා.
ඔහු පෙන්වා දෙන්නේ ස්වාධීන රූපවාහිනී සභාපති සුදර්ශන ගුණවර්ධන මුලින් පෙනී සිටියේ සියලු දේට ඉඩ දෙන නියෝ ලිබරල්වාදියෙක් ලෙස වුවත් සත්‍ය වශයෙන්ම ඔහු ගංකබරයෙක් බව පෙන්නුම් කරමින් සිටින බවත් පවසන අනුර දිසානායක කිසිදු වැරදීමකට තමන්ට ඉඩ නැති බව වැඩිදුරටත් කියා සිටිනවා.
මාතර පැවත්වූ ජනහමුවකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළා.