ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පැවති ජාතික සමස්ත ලංකා හෙද සමුළුවට රජයේ හෙද හෙදියන් නිල ඇඳුමින් සහභාගී වීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව කැෆේ සංවිධානය පවසනවා.
මැතිවරණ කොමිෂන් සභාවට ඒ පිළිබඳව දැනුම්දෙමින් කැෆේ සංවිධානය ලිපියක්ද යොමු කර තිබෙනවා.
මහජන බදු මුදල් වැය කර ලබාදෙන නිල ඇඳුම දේශපාලන කාර්යයන් වෙනුවෙන් යොදාගැනීම ආයතන සංග්‍රහය අනුවත් මැතිවරණ නීතිය අනුවත් වැරදි ක්‍රියාවක් බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.
එමෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයද ඒ සම්බන්ධයෙන් ලිපියක් යොමු කරමින් එම ක්‍රියාව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට දන්වා තිබෙනවා.