අය-වැය තුළින් හිටපු ජනාධිපතිවරුන් සඳහා ජනාධිපතිගේ වැය ශීර්ෂයෙන් මුදල් වෙන් කිරීමට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (22) පාර්ලිමේන්තුවේ දී ඡන්දයක් ඉල්ලා සිටියා.
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ එක් ශීර්ෂයක් යටතේ හිටපු ජනාධිපතිවරුන්ගේ වැය ශීර්ෂයන් සඳහන් වෙනවා.
ඡන්දයක් පැවැත්වුණු අතර යෝජනාවට පක්ෂව ඡන්ද 62ක් සහ විරුද්ධ ව ඡන්ද 03ක් හිමි වුණා.
ඒ අනුව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ, ශීර්ෂ අංක 01 සංශෝධන සහිත ව කාරක සභා අවස්ථාවේ දී සම්මත වූ බවයි.