සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයක් අනුව ජාතික ජන බලවේගයෙ නායක අනුර දිසානායක මහතාට ජනතා ප්‍රසාදය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
මීට පෙර එම ආයතනයෙන් ම කරන ලද සමීක්ෂණයක ඔහුට පැවැති අගය සෘණ 28 දක්වා ලකුණු 16 කින් ඉහළ ගොස් තිබෙනවා.
නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පෙර තිබූ ජන ප්‍රසාදය සෘණ 58 දක්වා තවත් ලකුණු දාහතරකින් අඩුවී ඇති බව පෙනී යනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අගය සෘණ 46 ක් වන අතර හිටපු ජනාධිපති රණය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එම අගය සෘණ 78කි.
මෙහි කැපී පෙනෙන ලක්ෂණය වන්නේ සියලුම නායකයන් කෙරෙහි ජනතා හිතකරත්වය සෘණ අගයක පැවැතීමයි.