පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ලෙස ක්‍රියා කරන නිමල් ලන්සා කණ්ඩායමේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා ලිබරල් ප්රජාතන්ත්රවා දී පක්ෂය මිල දී ගෙන තිබෙනවා.
ඒ අනුව ලන්සා කණ්ඩායම ලිබරල් පක්ෂය සමඟ සම්බන්ධවීමෙන් පසු ඉදිරියේදී ඊට නව නිලධාරී මණ්ඩලයක් පත්කොට මැතිවරණ කොමසාරිස් කාර්යාලයට භාරදීමට නියමිත බවත් අනතුරුව ලන්සා කණ්ඩායමේ ඉදිරි දේශපාලන කටයුතු ලිබරල් ප්රජාතන්ත්රවා දී පක්ෂය නමින් පවත්වාගෙන යනු ඇති බවයි සඳහන් වෙන්නේ.
එසේම, ලංසා පාර්ශ්වය බිහි කළ නව සන්ධානයේ මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යාමේ නායකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පත් කර ඇති අතර සෙසු ක්‍රියාකාරීන් ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍ය නලින් ප්‍රනාන්දු හා පියංකර ජයරත්න යන අය කටයුතු කරන බවයි පැවසෙන්නේ.
කෙසේ වුව ද මෙම පක්ෂය ලිබරල් පක්ෂය ලෙස ද හදුන්වන අතර එක්සත් ජාතික පක්ෂයේ දිගුකාලීන සාමාජිකයකු වූ ආචාර්ය චානක අමරතුංග විසින් 1981 වර්ෂයේ පිහිටුවන ලද පක්ෂයකි. පසුව 1982 ජනමත විචාරණයත් සමඟ ලිබරල් පක්ෂය එජාපයෙන් වෙන්ව තිබෙනවා.
ආචාර්ය අමරතුංග ඇතුළු පිරිස ශ්‍රී ලංකාවේ බලය බෙදීම සහ කේන්ද්‍රයේ බලය අඩු කිරීම ප්‍රවර්ධනය කරන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්, මෙම දේශපාලන පක්ෂය ගොඩානගා ඇති බවයි පැවසෙන්නේ.
වසර 1996 දී අමරතුංග රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වීමෙන් පසුව ලිබරල් පක්ෂයේ කැපී පෙනුන දේශපාලන නායකයා ලෙස පසුගිය කාලයේ කටයුතු කළේ මහාචාර්ය රජීව විජේසිංහයි.
2022 වසරේදී ලිබරල් පක්ෂය ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂය ලෙස නම වෙනස් කර ජූලි මාසයේ පවත්වන ලද පළමු සම්මේලනයත් සමඟ කමල් නිශ්ශංක පක්ෂයේ වත්මන් නායකයා වන අතර අමල් රන්දෙණිය මහලේකම් ලෙස පත් කර තිබෙනවා.