නව සන්ධානයේ නායකත්වය අනුරට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වී පාර්මේන්තුවේ කටයුතු කරන නව සන්ධානයේ මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යාමේ නායකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කර තිබෙනවා.

පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තු සංකිරණයේදී පැවති නව සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතාගේ යෝජනා ස්ථිරත්වයෙන් මෙම පත්කිරීම සිදුවූ අතර ඒ සඳහා සෙසු පිරිසගේද එකඟතාවය හිමිව වුණා.

ඒ අනුව නව සන්ධානයේ පක්ෂ කටයුතු මෙහෙයවීම සහ තීරණාත්මක බලවේග සමග සාකච්චා කිරීමේ කටයුතු ද අනුර යාපා මන්ත්‍රීවරයාට පවරා ඇති බවයි වාර්තා වන්නේ.

ලබන ජනවාරියේදී නව සන්ධානයේ මංගල රැලිය පැවැත්වීමට කටයුතු සුදානම් වන අතර මේ වන විට ආසන මට්ටමින් දැනුවත් කිරීමේ හමු පැවැත්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles