අනුරව හොරෙන් ෆොටෝ ගන්න ගිය බුද්ධි නිලධාරියාට ගුටි බැට

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක කුරුණෑගලදී පෙරේදා (02) පැවති රැලියකට පැමිණෙමින් සිටියදී ඡායාරූප ගැනීමට ගිය බුද්ධි අංශ නිලධාරියෙකු අකරතැබ්බයකට මුහුණ දී ඇතැයි වාර්තා වෙනවා.

උක්ත ජනරැළිය ඇමැතීම සඳහා ජාතික ජනබලවේගයේ නායකයා සවස 6.30ට පමණ පැමිණ ඇති අතර ඔහු පැමිණි රථය වේදිකා පිවිසුම අසලටම ගොස් තිබෙනවා. එහිදී දොරටුව අසල රැඳී සිටි මෙම බුද්ධි අංශයකට සම්බන්ධ බව කියන පොලිස් නිලධාරියා දිගට හරහට ඡායාරූප ගැනීමේදී ඇති වූ සැකය මත අනුරගේ ආරක්ෂාවට පැමිණි පිරිස් ඔහුව ප්‍රශ්න කර තිබෙනවා. ඔහු පිළිතුරු නොදීම නිසා කෝපයට පත් පිරිස් ඔහුට පහර දී ඇති අතර ඔහු දිව ගොස් පොලිස් ජීප් රථයකට ගොඩ වී පළා ගොස් ඇතැයි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles