ඇපල් සමාගමේ අලෙවිය පහත වැටිලා

ඇමරිකාවේ සුප්‍රකට ඇපල් සමාගම මෙම වසරේ පළමු කාර්තුව තුළ විශාලතම අලෙවි පහත වැටීම වාර්තා කර තිබෙනවා.

පසුගිය වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 03 ඇතුළත එහි අලෙවිය 4%කින් පහත වැටී ඇති අතර එය ඇමෙරිකානු ඩොලර් බිලියන 91ක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

පළමු මාස තුන ඇතුළත අයිෆෝන් අලෙවියද 10%කින් පහත වැටී ඇති අතර එය සමාගමේ සමස්ත අලෙවිය පහත වැටීමට බලපා තිබෙන බවද එහි සඳහන් වෙනවා.

පසුගිය මාස තුන ඇතුළත ගෝලීය ස්මාර්ට් ෆෝන් අලෙවිය ඉහළ ගොස් ඇති පසුබිමක අයිෆෝන් අලෙවිය පහත වැටී තිබීම වි‌ශේෂත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles