නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් වැඩ බලන ඇමතිවරුන් පත් කර තිබෙනවා.
ඒ ජනපති රටින් බැහැරව සිටින කාලය තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්‍ෂණය කිරීමටයි.
මේ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් ෂෙහාන් සේමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙසත් පත් කර තිබෙනවා.
එසේම ජනාධිපතිවරයා ඉන්දියාවේ නිල සංචාරයේ යෙදෙන කාලයට අදාළව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා තාක්ෂණ අමාත්‍යවරයා ලෙසත් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසත් පත් කර තිබෙනවා.