ආධුනික කොස්තාපල් චණ්ඩිකමේ ලයිසන් කලින් ම පෙන්නලා

ජාඇල පොලිසියට අනුයුක්තව සේවය කරන ආධුනික කොස්තාපල්වරයෙක් ඉංගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රංචු ගැසී නිවසකට ගොස් පහරදීමක් සිදු කර දේපළවලට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

අත්අඩංගුවට ගත් සැකකාර ආධුනික කොස්තාපල්වරයා පිරිසක් සමග ඉංගිරිය නම්බපාන ප්‍රදේශයේ හෝටලයක ආහාර ගනිමින් සිටියදී එහි සිටි තවත් පිරිසක් සමග ආරවුලක් හටගෙන තිබෙනවා.

එහිදී අදාළ කොස්තාපල්වරයා අනෙක් පාර්හ්වයේ ආහාර මේසය සමගින්ම ඔවුන්ගේ ඇඟ මත පෙරළා දමා දැඩි කලබලයක් ඇති කරගෙන තිබෙන බව සඳහන්. පසුව එහි සිටි පිරිසක් එය සමතකයට පත් කර ඇති අතර පසුව සැකකරු රාත්‍රියේ ඉංගිරිය ඇලබඩ පාරේ නිවසකට ගොස් පහරදී තිබෙනවා. දහවල් සිද්ධියට මුහුණ දුන් පිරිසේ අයෙකුගේ නිවසට මෙසේ පහර දුන් බවයි පැවසෙන්නේ.

ඉංගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles