පාරින්ද රණසිංහට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

නීතිපතිවරයා ලෙස ඡ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

නීතිපති ධුරයේ කටයුතු කළ සංජය රාජරත්නම්ගේ ධූර කාලය පසුගිය 26 වැනිදායින් අවසන් වීමත් සමඟ නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතුණා.

අනතුරුව එම ධුරයේ වැඩ බැලීම සඳහා පාරින්ද රණසිංහව පත් කරනු ලැබුවා.

පාරින්ද රණසිංහ මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ.ඒ.පාරින්ද රණසිංහගේ පුත්‍රයා ද වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles