විදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ ඉලක්ක කරගනිමින් ඉදිරිපත් කර ඇති පණත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ.
මෙම පණත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීමෙන් පසු නව විදුලිබල පණත මගින් ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම, කාර්යක්ෂමතාව මෙන්ම විනිවිදභාවය ඇති කිරීමට පියවර ගැනීමද වැඩපිළිවෙලට අයත් බව සඳහන් වෙනවා.
එමෙන්ම පුද්ගලික අංශයට ද අදාළ කටයුතු සඳහා සහභාගී වීමට ඒ තුළින් අවස්ථාව හිමිවනවා.