අසභ්‍ය දර්ශන වලට දරුවන් යොදාගෙනද? විමර්ශන ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ ළමුන් යොදාගෙන අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැර ඇති බවට ඇමරිකාවේ අතුරුදහන් සහ සූරාකෑමට ලක් වූ දරුවන් උදෙසා වන ජාතික මධ්‍යස්ථානය (NCMEC) ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව විමර්ශනයක් ආරම්භ කළ බව ළමා කාන්තා කාර්යාංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා හමුවේ ඊයේ (15)කරුණු දක්වමින් ප්‍රකාශ කළා.

ඇමරිකානු ආයතනය කළ පැමිණිල්ල අනුව අදාල ඡායාරූපවල පෙනී සිටින්නේ ශ්‍රී ලංකාවේ දරුවන්ද යන්න පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බව ළමා ආරක්ෂක අධිකාරිය කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියා.

අදාළ ඇමරිකානු ආයතනය ලෝකයේ රටවල් 181ක ළමුන් සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදු කරන බව සඳහන්.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන පවත්වා වැඩිදුර වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ළමා ආරක්ෂක අධිකාරියට දන්වනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles