ක්‍රිකට් අතුරු කමිටු සභාපති ලෙස අර්ජුන පත් නොකළ යුතුව තිබුණා: විජිත ‌හේරත්

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට මීට පෙර තරග කළ බව පවසමින් හිටපු නායක අර්ජුන රණතුංග අතුරු කමිටු සභාපති ධූරයට පත් නොකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

“අතුරු කමිටුවක් පත් කිරීමට ගත් පියවර අපි අගය කරනවා. නමුත් ඒකට පත්කළ මන්ත්‍රීවරුන් ගැන අපිට සැකයක් තියෙනවා. විජයදාස රාජපක්ෂගේ පුත්, මොහොමඩ් මුසම්මිල්ගේ පුත්‍රයා සහ උපාලි දර්මදාස මන්ත්‍රීවරුන් ලෙස පත් කළේ ඇයි දැයි ඔහු ප්‍රශ්න කරමින් කියා සිටියා. එසේම අර්ජුන රණතුංග අතුරු කමිටු සභාපති ලෙස පත් නොකළ යුතුව තිබූ බවත් ඔහු වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වූ නිසා ගැටුමක් ඇති වී පිල් දෙකක් පැටලුණා. මේක ක්‍රිකට් අනාගතයට හොඳ නැහැ වගෙම අතුරු කමිටුව පත්කිරීම හරහා රණසිංහ ඇමැතිවරයාගේ ධෛර්යය හා අවංකකම පාවිච්චි කරමින් කවුරුන් හෝ ගේම් ගසන බව කී මන්ත්‍රීවරයා, මෙවැනි ක්‍රීඩා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ද හොඳ නැති බව පවසමින් ක්‍රීඩාව පිටුපස සිටින අයගෙන් පරිස්සම් වන ලෙස ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles