යුක්තිය මෙහෙයුම සඳහා අද (මාර්තු 11) සිට ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කරනවා.
එසේම අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ මෙහෙයුම් සංඛ්‍යාව වැඩි කරන අතර එහිදී නිලධාරීන් සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගන්නා බවත් ඔහු පැවසුවා.
මිට පෙර පොලිස් විශේෂ කාර්ය බළකාය මෙහෙයුම් සඳහා යොදා ගත් බවත් ඊට අමතරව අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට ත්‍රිවිධ හමුදාව යොදා ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරන්නේ.