හමුදා – පොලිස් වැටුප් සියල්ලට ඉහළින්

පසුගිය වසරේ මධ්‍යම ආණ්ඩුව සෙසු සියලු සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කළ මුදලට ආසන්න මුදලක් පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට වැටුප් ගෙවීමට වැය කර ඇති බව ශ්‍රී ලංකා මහබැංකු වාර්තාවල ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ සඳහන් කරනවා.

ලංකාදීප පුවත්පතට අදහස් පළ කරමින් මහාචාර්යවරයා පවසන්නේ, මධ්‍යම ආණ්ඩුවේ සියලු සේවකයන්ට රුපියල් කෝටි 32729ක් වැටුප් ගෙවද්දී ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයන්ට වැටුප් සඳහා රුපියල් කෝටි 31200ක් වැය කර ඇති බවයි.

හමුදා සහ පොලිස් සාමාජිකයන්ට පසුගිය වසරේ ගෙවූ වැටුප රාජ්‍ය සේවයේ වැටුප්වලින් 33%ක් බවද සඳහන් වෙනවා.

මෙලෙස වැටුප් ප්‍රමාණයක් වෙන් කර තිබියදීම රාජ්‍ය ආයතනවල ආරක්ෂාව සඳහා වෙනම පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් බඳවාගෙන වෙනම වැටුප් ගෙවා ඇති බව මහාචාර්යවරයා තවදුරටත් සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles