නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසල ගැවසෙමින් එහි පැමිණෙන ජනතාවට විවිධ අයුරින් බලපෑම් එල්ල කර මුදල් එකතු කිරීමේ යෙදී සිටි පුද්ගලයන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ පිරිස අතර කාන්තාවක් සිටින බවයි වාර්තා වන්නේ.
දෙපාර්තමේන්තුව වෙත එන ජනතාව ඒ අසල වාහන නැවතීමේදී විවිධ බලපෑම් කර මුදල් එල්ල කරන බවට බොරැල්ල පොලිසියට ලැබුණ තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් අය අතර වැඩි දෙනෙක් මත්ද්‍රව්‍ය ලෝලීන් බවයි දැනගැනීමට ඇත්තේ. ඒ වෙනුවෙන් මුදල් සපයා ගැනීමට මෙහි රැඳී සිට බලපෑම් කරන බව හෙළිදරව් වී තිබෙනවා.