මැදවච්චිය පොලීසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ පහරදීමක් නිසා සිය පුතුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත් කිරීමට සිදුවූ බවට ඔහුගේ මව චෝදනා කළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අදාළ තරුණයාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
තුවාලකරු සිදුකළ ප්‍රකාශය අනුව අනුරාධපුර රෝහල් පොලීසිය මඟින් කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දැනුවත් කර තිබුණා.
අනතුරුව කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් ඒ සම්බන්ධව විමර්ශනයක් සිදුකර සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්වරයාව සහ කොස්තාපල්වරයෙක්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
සැකකරුවන් දෙදෙනා අද (11) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර සඳහන් කළේ අදාළ තරුණයාගේ වම් වෘෂණ කෝෂය සැත්කමකින් ඉවත් කළ බවයි.